Thursday, 25 May 2017

3. නමක් නැති කතාවක්- 2 Request Permission to Carry on Sir!


සැළකිය යුතුයි: කටවහරේ නිතර යෙදෙන එහෙත් ප්‍රසිද්ධියේ කි විට හෝ මෙසේ ලියුවිට කුණුහරුප යයි සම්මත වචන එලෙසින්ම යොදා ඇති බව දැනගෙන කියවන්න.. 
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ල මට ලේන්සුව දික් කරා ඒකිගේ ලේන්සුව වගේද මගේ කලිසම මමත් ඒකිගේ ලේන්සුවෙන් හොදට පුටුව පිහදලා ඉදගෙන ඒකිට ලේන්සුව දික් කරා..
“මොකක්ද අයිසේ මේක ඒලෙවල් පංතියක්ද? නැත්නම් මොන්ටිසොරියක්ද?”
ගීත් සර් මොකටද එන්න හදන්නේ අරකි මට ලේන්සුව දුන්නා දැකලද එහම කිව්වේ
“පිරිමි ළමයි මේ පැත්තේ ගැනු ළමයි මේ පැත්තේ සමුසේලා උසස් පෙළ කරන වයසකද කියලා හිතෙනවා.”
“මෙන්ඩිස් සමුසේටනම් දැන්මම යාලුවෙක් සෙට් වෙලා වගේ “   
“නෑ සර් ඔව් සර් නෑ මේ .............. “
“දෙපැත්තට වෙලා ඔහම කතා කරන්න අමාරුයි නේද එක්කෝ එයාව ලගට ගන්නවා නැත්නම් සමුසේ එයා ලගට යනවා. “
ගීත් සර් කියන්නේ අපේ ඉස්කෝලේ ඉන්න හිත හොද චරිතයක් කැම්පස් එකෙන්  අවුට් වෙලා පොර කෙලින්ම ඇවිත් තියෙන්නේ අපේ ඉස්කෝලෙට, ඕන දෙයක් කෙලින් කියන චරිතයක්. අපේ දෙයක් උනත් පොරත් එක්ක  කෙලින් කතා කරන්න පුලුවන් හින්දා ළමයි හුගදෙනෙක් ගීත් සර්ට කැමති හැබැයි ගුරුවරු  නම් ගොඩක් අය පොරට අකමැති.
ගීත් සර් අපේ පංතිය බාර ගත්ත එක එක අතකින් වාසනාව.. අනිත් අතට සදා සොත්ති මොකද සර් ඉස්කෝලෙට වඩා හොදට උගන්නේ පොරගේ ප්‍රයිවෙට් පන්ති වල කියන කතාව ප්‍රසිද්ද රහසක්.
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ලයි ඩයනා කට් කපපු කෙල්ලයි පුටු ඇන්දේ දාලා තිබුන බැග් දෙක ගලවලා අතට අරගෙන නැගිටිනවා මම දැක්කා, ඩයනා කට් එක මගේ පිටිපස්සෙන් ගිහින් මට එහා පැත්තේ පුටුවෙන් ඉදගත්තා. අනිත් එකී මම ලග හිටගෙන ඉන්නවා......
“ඉතින් එහා පැත්තට යන්න....මම ඉදගන්නේ කොහෙද? (රහසින් ) ඔඩොක්කුවේද ? “
හුට්ටප්රේට ගහපු කලාබරේ.
මම එහා පුටුවට යනකොට එකී මම හිටපු පුටුවේ ඉදගත්තා. දැන් මම නිකන් පයිසල් රජ්ජුරුවෝ වගේ. දෙන්නා දෙපැත්තේ සංචි මැද්දේ.
එදා ඉදන් මිශ්‍ර ඉස්කෝල වල ඉගන ගත්ත මට කෙල්ලෝ කියන්නේ ඒ තරම් අරුමයක් නොවුනත්..මේක නම් තුන්වෙනි ලෝක සංග්‍රාමේන් බාගයක් වගේ දැනුනේ.
කොල්ලෝ එහාට ගියා කෙල්ලෝ මෙහාට අවා,  දැන් පංතිය කෙල්ලෝ කොල්ලෝ කලවමට.
“මම තමයි සමුසේලගේ පංතිය බාරව ඉන්නේ මගේ නම ගීත් කියනවා බලන්න සමුසේලගේ නම්. “
“මම සුසන්ත  “
“මම සරත්..මං එන්නේ නචියදුවේ ඉදලා “
“මම අයන්ති මම අනුරාධපුරෙමයි “
ඔය විදිහට පෙලින් පෙලට ඇවිත් ඕනේ අතු අග මල් නෙලා ගන්න කියලා මගේ පුටුව ඉල්ල ගත්ත ඒකිගේ වාරේ.
“මගේ නම මනෝරි මම එන්නේ මැදවචිචියේ ඉදලා “
“මම මෙන්ඩිස්  “
“මම චම්පිකා ..කලත්තවේ “
“මෙන්ඩිස් සමුසේ මට වැඩක් කරලා දෙන්න ඕනේ “
“කියන්න සර් “
“සමුසේට මම මතක් කරලා දෙන්න ඕනේ නැහැනේ සමුසේ ඇයි මට උදව් කරන්න ඕනේ කියලා  “
මෙයා මොකටද එන්න හදන්නේ...  කැඩෙටින් කෑම්ප් යන්න ඉස්සල්ලා දවසේ අපි ඉස්කෝලේ නැවතුනා එදා රැ හෙල්මට් නැතුව බයිසිකලේක තුන් දෙනෙක් දාලා ගිහින් බාර් එකෙන් ගල් බෝතලයක් ගන්නකොට එතන හිටපු චමින්දලා සෙට් එකක් අපිට ලෙඩක් ඇද්දා ඉස්කෝලේ තෝම්බුව හොයලා අපිව ඉස්කෝලෙට බාර දෙන්න ඕනේ කියලා අංචිය අදිනකොට බෝතලයක් ගෙනියන්න එතනට ඇවිත් හිටපු ගීත් සර් තමයි අපිවයි බෝතලෙයි දෙකම බේරලා දුන්නේ දැන් මෙයා හද්දන්නේ ඒක හිලව් කරන්නද ?.
“හරි සර් කියන්න “
“මගේ පංතියේ අලුතෙන් ආපු  එක ළමයෙකුටවත් රැග් කරනවට මම කැමති නැහැ. සමුසේ දනවානේ මමත් හොදට ගැන්සි බැහපු පොරක් කියලා. “
“ඔව් සර් “
“මගේ පංතියේ එවුන්ට රැග් කරොත් කරන්න ඉන්නේ සමුසේ විතරයි සමුසේ ඒක කරන්නේ නැහැ  “
“හා ..සර්  “
“අනිත් අයට මේකේ ඇවිත් රගන්න දෙන්නත් බැහැ “
“හා ..සර්  “
“අදට මම උගන්නන්නේ නැහැ “
අදට නෙමයි මෙය කවදත් උගන්නන්නේ නැහැ
“අද සමුසේලා කතා බහ කරලා නිදහසේ ඉන්නවකෝ ඉන්ටවල් එකෙන් පස්සේ එකෞන්ට් සර් එයි පංතියට. “
ගීත් සර් පොත් ටිකත් අරගෙන පංතියෙන් ගියා.
උදේ බීපු සිගරට් එකට බඩ දගලනවා දැන්නම් කැන්ටිම පැත්තට බැස්සනම් බඩට මොනවා හරි දාගන්න තිබුනා එත් බවා හිටියොත් තමයි ලෙඩේ (බවා කියන්නේ තවත් වයිසෙක් වගේම එපා කරපු කැරියෙක්). ඕන පුකක් සත දහයයි කියලා මම නැගිට්ටා.
ඔයා කොහෙද යන්න හදන්නේ ?
මොනවා හරි බඩට දාගන්න කියලා ..ඇයි මොකද ?
බත් එකක් තියනව මේ වෙලාවේ කන්න පුලුවන්ද?
ඇයි යකඩො බත් එකක් තියනවනම් ප්‍රින්සිපල් ගේ මෙසේ උඩ තියාගෙන හරි කන්නම්කෝ.
එත් ඔයි එතකොට තමුසේ කන්නේ මොනවද ?
කෙල්ලගේ ඇස් පිහාටු දෙකෙන් කදුළු  කැට දෙකක් බේරෙනවා .
එයි තමුසේ මොකද අඩන්නේ මම තමුසෙගෙ බත් එක කැවද?
ඇයි මට තමුසේ කියන්නේ මට මනෝ කියන්න
හරි හරි ගන්නවා බලන්න බත් එක
එකී බැග් එකට අත දාලා ලොකු පාර්සලයක් එලියට ගත්තා කරවල බැදුමක සුවද පංතිය පුරාම ඉගිල්ලිලා ගියා.
අම්මට හුඩු ගන්නවා ගන්නවා ඉකමනට තමුසෙගෙ බත් එක දැන්නම් බඩගින්න හොදටම වැඩි උනා
එකී ආයමත් බත් එක බැග් එක ඇතුලට දැම්මා.
ඔයි මොකක්ද තමුසේ ඒ කරපු හුත්තේ වැඩේ දැන් තමුසේ නේද කිව්වේ බත් එක කමු කියලා.
ඔය කතා කරන විදිහට මම කැමති නැහැ. ඔයාට කෙනෙක් එක්ක හොදින් කතා කරන්න දන්නෙම නැද්ද ?
අම්මපල්ල මේ වෙලාවට තමයි හිතෙන්නේ මේකිගේ කිබ්බට අත දාලා අනිත් පැත්ත හරවන්න
ඕක දීපන් බන් මෙන්ඩිස් ව මඩවන්නේ නැතුව ඒ චම්පි
හැ..ඒ කියන්නේ මුන් මට රැග් කරනවද එතකොට මමද මෙතැන රැග් වෙන්නේ
තියාගන්නවා තමුසෙගෙ හුත්තේ බත් එක ..
මම පුටුවෙන් නැගිටලා පංතියෙන් එලියට ගියා. කොරිඩෝව දිගේ ඇවිත් පඩිපෙළින් බහින්න හදනකොට කවුද මගේ අතින් අල්ල ගත්තා, හැරිලා බලනකොට මනෝරි ඊට පිටිපස්සෙන් චම්පි
සොරි සොරි සොරි සමාවෙන්න සමාවෙන්න ඇස් දෙකේ කදුළු පුරෝගෙන කෙල්ලෙක් මගේ අතින් අල්ලගෙන ඉන්නවා. ගුල්ලලා කිරියලා සෙට් එක පඩි පෙළ දිගේ උඩට නගිනවා මම යාන්තමට දැක්කා.
හරි හරි අත අරිනවා
නෑ අත අතාරින්නෙම නැහැ එහනම් එන්න යන්න බත් එක කන්න.
හරි ඔයාල යන්න මම එන්නම්
නෑ මමත් එනවා ඔයත් එක්ක කැන්ටිමට යන්න...චම්පි ඔයා පංතියට යන්න.
මේ නාඩගම් නටන්න හදන්න එපා අත අතාරිනවා නැත්නම් දෙනවා මුණ පොඩි වෙන්න
ඔව් මම හොද අඩව්වක් අල්ලන්න යන්නේ අතාරින්නෙම නැහැ, ගහන්න...
තව අඩියක් මම ලගට ලං වෙලා ..එකී අත් දෙකෙන්ම මගේ අත් දෙක අල්ල ගත්තා.
මෙන්ඩා මොකද ඔය? “
නෑ….. ගුල්ලා මුකුත් නැහැ
මුකුත් නැත්නම් මොකද මෙකි උබගේ අතේ එල්ලිලා අපි මේ උබලගේ පංතියට යනගමන්.
මනෝරි ඔයා පංතියට යන්න මම එන්නම්
බැහැ බැහැ මමත් ඔයා එක්ක ඉන්නම් එකී මගේ අත අතෑරලා මගේ පිටිපස්සට උනා.
අඩෝ පට්ට හුත්ති ගහනවා කනෙන් කැරි විසිවෙන්න...උබලා අලුතෙන් ඇවිත් දැන්මම පැලෙන්න හදනවද?
බකලා පඩිපෙළේ අඩියක් උඩට නැගලා මනෝට ලං වෙන්නත් මගේ මිට මොලොපු අත බකල්ගේ මුණ හරහා යන්නත් බකලා පඩි දෙකක් පහලට පෙරෙලෙනත්ගියේ බොහාම කෙටි වෙලාවයි.
අඩෝ මෙන්ඩ“……….. කිරියා මගේ කොලරෙකෙන් අල්ලා ගත්තා
කිරි අත ඇරපන් මෙන්ඩ ගේ ෂර්ට් එක“…. වස්සා කිරියගේ අතින් අල්ල ගත්තා
වස්සා උබලා පලයන් මම එන්නම්
හරි ඉන්ටවල් එකෙන් පස්සේ හයිලයිට් එකට වරෙන්... වස්සා අවසන් තීන්දුව දුන්නා
සෙට් එකම පඩි පෙලින් පහලට බැස්සා..එත් රන්ජියා මනෝව කන්න වගේ බලගෙන ඉන්නවා. රන්ජියා අපේ සෙට් එකට අලුතෙන් එකතු උන චරිතයක් ඉස්කෝලේ සිංහල සර්ගේ පුතා, දෙලා තමයි ඌ ගැන්සියට එක්කරගෙන ආවේ.
අඩෝ රංජි පලයන් කිව්වනේ මම එන්නම් ..
කොම්ස් ජි ක්ලාස් එකේ එවුන් කොට තාප්පෙන් ෂෝ එක බලගෙන ඉන්නවා..මේකනම් බාවට යනවමයි අයෙමත් අම්මයි තාත්තයි එක්කරගෙන එන්න වෙනවා..12 වෙනි පාරද නැහැ 16 වෙනි සැරේට.
මම හැරුණ ගමන් මනෝරිගේ අතින් ඇදගෙන පංතිය ඇතුලට ගියා.
උයී උයි රිදෙනවා අත අතරින්නකෝ.
බිත්තියට හෙත්තුකර්ලා අත මිට මොලවලා මුණ ගාවට ගත්තා.
පුස්තකාල හෝල්ට් එකේදී නිවත්ත්කේ ගැන්සියක් එක්ක ගහගත්තා.. කටාගේ පොට් එකේදී මිහින්තලේ සෙට් එකකට ගැහව්වා බිම දාගෙන. ඒ හැම තැනකදීම දැක්ක උන්ගේ මුනවල් වල තිබුන බය චුට්ටක්වත් මේකිගේ මුනේ නැහැ..ඒ ඇස් දෙක හිනා වෙනවා..
අපිට වඩා ලොකු ගැන්සි එක්ක ගහගෙන තියනවා. තලාව බස්ටන්ඩ් එකේදී මට 15ක් විතර වට කරගෙන ගැහව්වා ඒ කිසිම මොහතක නොදැනුන බයක් මගේ හිතට දැනුනා.  එකී හිනා වේවි මගේ ඇස් දෙක දිහා කෙලින් බලගෙන ඉන්නවා...මට නොදුනුවත්ම මගේ අත පහලට වැටුනා.
ගන්නවා ගන්නවා තමුසෙගෙ ඔය හුත්තේ බත් එක
එකේ බත් නැහනේ නේද චම්පි ඒක තියෙන්නේ වෙන වැඩ වලට
මනෝ මේ මගේ යකා අවුස්සන්න එපා
මම බය වෙයි ඔයාගේ යකාට
මේ මොන විලි ලෑචවක්ද කමක් නැහැ මේ ප්‍රස්නේ ඉවර කරන්න අඩියක් පස්සට තියන්න වෙනවා.
හරි මනෝ මට බඩගිනි මම කන්නද ?
අපි කමුද කියලා අහන්න
හරි හරි අපි කමුද ?
“ආ මේ වතුර බෝතලේ අත හෝදගෙන එන්න. “
අත හෝදගෙන එනකොට කෙහෙල් කොලේක ඔතපු බත් එකක් මෙසේ උඩ දිග ඇරලා, කරවල තෙල් දාලා පරිප්පු හින්දලා තිබ්බොටු මැල්ලුම.
“එයි උබලත් කාපල්ලා ආය සර්ලා එන්නේ නැහැ මේ පැත්තට. “ මම පංතිය පැත්තට හැරිලා අනිත් උන්ටත් කිව්වා.
මමයි මනෝයි චම්ප්යි බත් එකට වට උනා
“මෙන්ඩා“.... රන්ජියා පංතියේ දොර ලග
“අපි හයිලයිට් එකේ උඩ ඉන්නවා“
“හරි මම ඉන්ටෙවල් එකෙන් පස්සේ එන්නම්“
“නැහැ වස්සා කිව්වා දැන් පුලුවනම් එන්න කියලා“
“හරි උබ පලයන් මම විනාඩි 10න් එතන“
මම වතුර බෝතලේ අතට ගත්තා
“තව කටක් කළා යන්න“
“එපා මට ඇති“
“මම වෙනුවෙන් ඉදිරිපත් උනාට මේ බත් කට කන්න“
බත් කටක් අතේ තියාගෙන මනෝරි මගේ පැත්තට ඒ බත් කට දික් කරගෙන ඉන්නවා.
“පිලිස්...මේ කට කන්න...මට ජිවිතේ කිසිම දවසක මේ තරම් ආරක්‍ෂිත බවක් රැකවාරණයක් දැනිලා නැහැ....මේ ඒ වෙනුවෙන්. “
ඕන පුකක් ප්‍රීති වෙසක් මම කට ඇරියා. රන්ජියා කට ඇරගෙන බලගෙන ඉන්නවා. කොහමත් අද අද සිද්දවේච දේවල් හොද නැහැ. එන විදිහකට එන දෙයකට මුණ දෙනවා. මගේ ඔලුව යකාගේ කම්මල වගේ, සිගරට් එකක අවශතාවය තදින්ම දනුන්නා.
“ඔයා ආය පංතියට එනවද ? “
“ඔව් හවස එනවා පොත් ටික ගන්න “
“මට කැන්ඩෝස් කජු දාපු චොක්ලට් එකක් අරගෙන එනවද? “
“මම ලග සල්ලි නැහැ“
“ආ...මේ 50 ගන්න“
“මට එපා අනුන්ගේ සල්ලි“
“මේවත් මහ බැංකුවේ සල්ලි තමයි (රහසින්) කෝට්ටේ යට තියලා අචුචු ගැහුව්වේ නැහැ“
“හැබැයි ඉතුරු දෙන්නේ නැහැ“
“මම ගනෙත් නැහැ“
රුපියල් 50 සාක්කුවේ ඔබාගෙන රන්ජියා එක්ක කොන්වන්ට් එකේ තාපෙන් පැනලා රේල් පාර පනිනකුනුත් අපි අතර කතාවක් නැහැ.
“මෙන්ඩ“
“මෙන්ඩ“
“ඇයි බං? “
“අරකිගේ නම මොකක්ද ? “
“කාගේද?? “
“අර උබට බත් කවපු එක“
“මෝහිනී“
“කියහනකෝ“
“කාලි යක්සනි“
“කියන්හකෝ “
“මේ රංජි කට වහගෙන වරෙන්. “
අපි දෙන්නම හයිලයිට් එකේ උඩට නැග්ගා, ගැන්සිය්ම එතන, මම ඉස්සර වෙන එක හොදයි...මම බකලා ලගට ගිහින් උගේ අත් දෙකෙන් අල්ල ගත්තා.
“බකලා සොරි මචෝ ...මට සමාවෙයන් උබ කරන්න හැදුවේ මම අකමැතිම දෙයක්. “
“හරි හරි ඒක අල්ලා දාපන්“
වස්සා කිව්වනම් ඉතින් තීන්දුයි නිවාරණයි. ආය එකෙක්වත් කට අරින්නේ නැහැ. වෙච්ච දේවල් වල හැටියට ඔයින් ගියා ඇති අතක් පයක් නොකැඩි බෙල්ල කැඩිලා බේරුනා ඇති කිව්වලු.
“වස්සා තව දෙයක් තියනවා“
“කියපං මෙන්ඩා අපිටත් උබට කියන්න දෙයක් තියනවා“
“මගේ පංතියේ එවුන්ට රැග් කරන්න එපා“
“හරි උබලා එකෙක්වත් ඒ පැත්තට යන්න එපා“ වස්සා සෙට් එකටම කිව්වා.
“මෙන්ඩා අර උබේ අතින් අල්ලගෙන හිටපු කෙල්ල කවුද ? “
“මනෝරි“
“උබ ඒකිට ලව්ද? “
“පිස්සුද මචෝ“
“අර කිරි පුඩිමගේ නංගි නේද උබේ ට්‍රයි එක ? “
“ශාලනි“
“ඒක මොකද දැන් ? “
“ඒක හරියන්නේ නැහැ බං එකී 11 වසර අමල් එක්ක සෙට් වෙලා වගේ“
“ඉතින් අපි ඌ ට නෙලමුකෝ“
“මේ මගුරෝ හැම එකටම ගහගන්න හදන්න එපා බං... “වස්සා ඌ ට කෑ ගැහව්වා.
“මෙන්ඩා උබ අර අලුත් එකට බහිනවද? “
“නැහැ බං..අද වෙච්ච දේවල් අහම්බෙන් සිද්ද උන දේවල්, මගේ හිතේ එහම දෙයක් නැහැ. “
“දාපල්ලා දාපල්ලා අතේ තියන සල්ලි“... කිරියා බෝතලේකට සල්ලි එකතු කරනවා, ෂුවර් එකට අලුතෙන් ආපු එවුන්ගෙන් ලොන්තේ දාන්න ඇති. මම 50 දික් කරා.
“කිරි මට මේකෙන් රුපියල් 20 ක් ඕනේ“
“අනේ මේ මෙහාට දීපං ඕක“ කිරියා 50 ඇදලා ගත්තා.
“උබලා සෙට් වෙයන් අද මට බොන්න බැහැ වගේ“
“අනේ මෙන්ඩ මේ බොරු නැතුව වරෙන් යන්න“
“අපේ රන්ජියා උබලගේ පංතියේ අර උබේ අතින් අල්ලගෙන හිටපු එකට බහිනවා උබ ඌ ට උදව් කරපං“
“ඇයි වස්සා උගේ දිලනිගේ එක මොකද ? “
“ඌ ඒක නවත්තලා උබ ඌ ට උදව් කරපං“
“කිරි ඉදා මේ 40ත් ගනින් මාත් එනවා බොන්න යන්න. “.. මම සාක්කු දෙකේම තිබුන සල්ලි ටික හුරලා කිරීට දුන්නා.
“හරි එහනම් උබලා වෙස්සගිරියට වරෙල්ලා මම එතනට එන්නම්“.... කිරී පහලට බස්සා.
.....................................................................................................................................
“අත ඇරපන් මට වැඩි නැහැ අත ඇරපන් අඩෝ මට තව බොන්න පුලුවන්. අඩෝ රන්ජියා උබ ඒක කරපන් හැබැයි උබ ඒකිට කැරි වැඩක් කරලා තිබුනොත් මම එදාට උබව මේ තිසා වැවේ ඔබනවා. “
මම තිසා වැවේ බන්ටෙක උඩ ඉදගෙන කෑ ගැහව්වා. අපි නාලා ඉස්කුල් යුනිෆෝර්ම් දාගෙන හයිලයිට් එක ලගට අවා.
“එයි කිරී උබලා පලයල්ලා මම පංතියට යනවා මගේ පොත් ටික අරගෙන එන්න. “
රන්ජියා ගේට්ටුව ලග
“මෙන්ඩ කෝ බං අරකි මම ගේට්ටුව ලග රැකගෙනම හිටියා එකී ආවෙ නැහැනේ බං...පිටිපස්සේ ගේට්ටුවෙන් ගියාද දන්නේ නැහැ. “
“මම දන්නේ නැහැ රන්ජියෝ මමත් උබලත් එක්ක වැවෙනේ හිටියේ. “
ඉස්කෝලේ ඇරලත් පැය බාගයක් විතර මගේ ඔලුව කැරකෙනවා වගේ මම හිමිට් හිමිට පඩි පෙළ නැගලා පංතියට ඇතුල් උනා. මනෝ ඩේස් එකට ඔලුව තියාගෙන ඉන්නවා.
“එයි ..ගෙදර යන්න කල්පනවක් නැද්ද ? “
“කෝ මගේ චොක්ලට් එක“
“මොන චෝක්ලට්ද එනවා යන්න ළමයි ඔක්කොම ගිහිල්ලා “
“ඉතිං ඔයානේ කිව්වේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට එනවා කියලා. “
අපි දෙන්නා ඇවිදගෙන සෙන්ට්‍රල් පාලම උඩට අවා.
“ඉතින් මම තමුසෙට කිව්වද මම එනකන් ඉන්න කියලා“
“කඩනවා කට මට ආය තමුසේ කිවොත්“
“මනෝ අත අතාරිනවා මිනිස්සු බලාගෙන ඉන්නවා “
“මහ ලොකු කැඩෙට්න් ලොක්කා ඒ උනාට කෙල්ලෙක් අතින් ඇල්ලුවම දාඩිය දානවා... “
“මම බය මිනිස්සුන්ට නෙමයි මනෝ ...ඒක ඔයාට කියලා තේරුම් කරන්න බැහැ. “
“මෙන්ඩිස් අයියේ................උබ අද ගෙදර යන්නේ නැද්ද ? “
අම්මට හුඩු තබුතේගම ඉස්කුල් බස් එක හෝල්ට් එකේ නවත්තලා කෙල්ලෝ කොල්ලෝ ඔක්කම ජනෙල් වලින් ඔලුව දාගෙන
“උබලා පලයල්ලා මම අලුත් බස්ටැන්ඩ් එකෙන් නගින්නම්“
බස් එක ජෝසප් ගිහින් වටේ ගහලා එනකොට මට එතනට සෙට් වෙන්න පලුවන් කියලා මම දන්නවා
“අක්කේ...මෙන්ඩිස් අයියව එවන්න.. “ජීවන් මල්ලි පුට් බෝර්ඩ් එකේ ඉදලා කෑ ගැහැව්වා
“බෑ..මම අද මෙයාව ගෙදර එක්කරගෙන යනවා “
“මනෝ කට වහගන්නවා“
අතින් වව්නියා බස් එකක් එනවා
“මනෝ අන්න ඔයාට බස් එක එනවා“
“බැහැ මට චොක්ලට් එක අරගෙන දෙනකන් මම යන්නේ නැහැ“
“එහනම් මෙතන බුදිය ගන්නවා“
“.......හා“
මේක එහමට බඩුව...වෙලාවට නලින් අයියගේ කඩේ එහා පැත්තේ...චොක්ලට් එකට සල්ලි ඇහව්වෙ නැති උනාට චොක්ලට් එක අරන් පාර පනිනකොට නලින් අයියා කඩෙන් එලියට ඇවිත් හිනා වේවි ඉන්නවා මම දැක්කා...
“ආ....මගේ සුදු මැණික මේකත් අරගෙන මගේ කුක්කු බොලේ මගේ වස්තු කැටේ මගේ පැණි බුන්දිය බස් එකට නගින්න මගේ පන. “
හිනවවේවි දුවගෙන ගිහින් බස් එකට නැගපු මනෝ මට අත වැනුවා ...බස් එක ඇත නොපෙනී යනකන් බලගෙන හිටියා....
කතාව ඉවර් නැහැ ..........................................................

- මම එළ ද බ්‍රා මෙන්ඩා

පසු සටහන -
අයන්ති ඒ අවුරුද්දේ මැරුණා උදේ ඉස්කෝලේ එනකොට මෝට සයිකලෙක හැප්පිලා.
දෙලා යුද්දෙදි මැරුණා
බකලා හිරේ ගියා 

78 comments:

  1. එදිරිට,දිනේශ් කොළඹගේට එහෙම ගස්ලබ්බගෙ කැමැත්තක් තිබුනා එයැයිලගෙ කතන්දර වල චරිත ජීවත් උන නිසා.හැබැයි මෙණ්ඩෝ... දෙයියනේ කියල මේ ලිවිල්ල කරගෙන පලයං.. මේ ස්ටයිල් එකේ රජ කරගෙන ඉන්න එදිරිට එහා ගමනක් යන්න උඹට පුළුවන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් මතක් උනේ දිනේෂ් කොළඹගේ ව.. :)

      Delete
    2. ගස් ලබ්බ: +++++++++++++++++

      Delete
    3. තනිතරුව ආ... උඹ උට්ඨානය උනා නේද? සංතෝසයි

      Delete
  2. මරු කතාව අයියේ, මං එක.

    ReplyDelete
  3. අයියෝ, කියවලා එද්දී මං 2.
    Jaya wewaa!!!

    ReplyDelete
    Replies
    1. යකෝ මේ ටැට්ටර බාගෙ කොහෙද හිිටියෙ. මං බොට කෝල් එකක් ඇන්න බැලුව දවස් කීපයක්ම.

      Delete
    2. //ටැට්ටර බාගෙ// හෙක්..

      Delete
  4. වැඩි වෙලා නෑ. දවල් කන ඩිංගට මේක නොකියවා බැරි උනා. නියම කතාවක් මෙන්ඩයියේ. මං උඹ වෙනුවෙං කොමෙන්ට් ලියන්නං. උඹ මේක ලියහං දිගටම. මේක මේ විදිහටම ලියන්න පුළුවං උඹ හැබෑවටම ඒ කාලෙ වළ බැහැපු එකෙක් හිංදයි.

    ReplyDelete
    Replies
    1. වලේ නෙමෙයි බං මූ බැහැල තියෙන්නෙ වැවේ කියල ඔය කියලම තියෙන්නෙ හිටං.

      Delete
    2. //උඹ වෙනුවෙං කොමෙන්ට් ලියන්නං// නෑ ඒක මං කරන්නං.. බෝ යාන්හෑල්ල ලියහන්..

      Delete
  5. මරු මෙන්ඩ මේ කථාව

    ReplyDelete
    Replies
    1. අද ධනපති කොමෙන්ට් එකෙන් එහාට ගිහිං.. :)

      Delete
  6. ඔය තියෙන්නෙ ඉටි කිරිස් ටිකට.
    මේක කියෝගෙන යනකොට අපිත් සීං එකට එන්ටර් වෙලා වගේ හැඟීමක් එනව.

    දිගටම ලියාගෙන යං.
    -එල ද බ්‍රා-

    ReplyDelete
    Replies
    1. //මේක කියෝගෙන යනකොට අපිත් සීං එකට එන්ටර් වෙලා වගේ හැඟීමක් එනව.// උඹ කියන්නේ තව පොඩ්ඩෙන් මම කුණුහරුප දෙකක් කියල ඔෆිස් එකේ දෙතුන් දෙනෙකුට නෙලනවා.. හැක්.

      Delete
  7. යකෝ වෙනදට මුන් මේක පබිලිස් කරාට මට තැන්කියු වත් කියනවා.. අද ඒකවත් නෑ.. ඔන්න බලහන් මෙන්ඩටම ගිය හැටි බ්ලොග් එක.. කතා තුනයි ලියුවේ මං හැලුනා.. සුරංගය කියුව වගේ දැන් කොමෙන්ට්කරුවෙක් වෙන්නවත් ටැයි එකක් දෙන්නෝනි..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඉතිං... බොගෙ බ්ලොග පුස් කන්නැතුව මේන්ටේන් කොරනවාට හරි නං මෙණ්ඩටයි තැන්කිව් කියන්න ඕනෙ..

      Delete
    2. අය්යා මේ.... කෑවනම් බිව්වනම් පැත්තකට වෙලා ඉන්නවද? ආව මෙතැන !

      මේවා මේ පාරම්පරික ඉඩම්... ඕනෙම නම් කොමෙන්ට් එකක් දෙකක් කොටාගෙන , පැල්කොටයක් අටෝගන්න එකයි.. නැද්ද මෙන්ඩෝ...

      Delete
    3. ටොපි දෙන්නට.. හිටපියව්කෝ.. හුහ්..

      Delete
    4. ලිබිතා මොකද ගේමටද?

      Delete
  8. අපොයි දෙය්යනේ මම හිතුව ආපු ගමන් ඩයනා කට් එකයි, කොණ්ඩ කරල් දෙකයි දෙපැත්තට වෙලා හුණු වටේ කතාව වගේ දෙපැත්තට ඇදලාම මෙන්ඩා උස යවයි කියල.... චඃ!

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ මේකා මේ හැටි කෙට්ටු වෙලා තියෙන්නේ ඔය පරුවත දෙකට මැදිවෙලා ඉඳලද කොහෙද..

      Delete
  9. මෙන්ඩා එළ ලියවිල්ල බං.හරියට :සුජීව ප්‍රසන්නආරච්චි" එළ ද බ්‍රා පාසල් ප්‍රේම වෘතාන්තයක් වගේ.

    ReplyDelete
    Replies
    1. සුජිවය දන්නවනං වහ කනවා.. අනේ මං මෙච්චර කාලයක් මෙව්වා කරගෙන ආපු මගේ කන්‍යාභාවය කියල.. හඃ..

      Delete
  10. මං හිතුවෙ මෙන්ඩා ලෙසටම රැග් කරන්ඩ ඇති කියල බලනකොට ඒකෙ අනිත් පැත්තනෙ වෙලා තියන්නෙ.මොනා වුනත් පට්ට රහට කතාව ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. //මොනා වුනත් පට්ට රහට කතාව ලියල තියනවා.// සියලු රස සමඟින්.. :)

      Delete
  11. තාම එපිසෝඩ් දෙකයි කියෙවේ හැබැයි ඒ ටික නියමයි චිත්‍රපටියකට. එත් ඉතින් වැඩිහිටියන්ට කියලා තමයි ප්‍රදර්ශනය කරන්න වෙන්නෙ.
    සුදු ඉස්කෝල ඇඳුම ඇඳගත්තු ළමයි ගල් බෝතල් සිගරට් තව එකී මෙකි දේවල් කරනවා දැක්කොත් මඩුවලිග හමුදාවක් දම්මල නෙලන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මෙහෙම කුණුහබ්බ කියනඑක.. අපේ කාලේ මෙහෙම කතා කරේ නෑ හාමුදුරුවනේ.. අපි ඔයා, මෙයා, එන්න, කන්න, යන්න මෙයා, සාමා එන්න මල් කඩන්න සමනළයා.. කියල විතරමයි කතා කරේ.. :)))))))))))

      Delete
  12. මේකනම් මාර කතාවක්නේ... කලින් කොටසත් කියවන්න යන්න ඕන

    ReplyDelete
    Replies
    1. හැහඃ.. ඒකෙන් නෙව පටන් ගන්න ඕනි.. :)

      Delete
    2. එක මිස් වෙලානේ දෙක කියවලා එක කියවන්න ගියා

      Delete
  13. කමියා උබට පිං මට මේ ඉඩ හදලා දුන්නට....

    ReplyDelete
    Replies
    1. පිං කන්ඩද බං.. හිට්ස් තමයි ඕනේ.. හිට්ස්.. හිට්ස්.. හෙක්.

      Delete
  14. උබලා ඔක්කොටම ගොඩක් ඉස්තුති ...කෙමෙන්ට් වලට .
    මේවා කුණුහරුප කියලා හිතන්න එපා...ඒ දවස් වල අපේ සාමාන්‍ය කතා බහ ..
    ඇත්ත මම සිගරට් එකක් අරක්කු ටිකක් ඉස්සලම බිව්වේ 11 වසරේදී.

    ReplyDelete
    Replies
    1. උඹ හොඳයි මං ඉස්සෙල්ලාම සිගරට් එකක් බොනකොට මට වයස අවුරුදු අටයි.. අපිට කඩයක් තිබ්බ ඒ දවස්වල ගෙදර.. මං එක සිගරට් එකක් කඩේ පිටිපස්සට ගෙනියල බීල බැලුව මොන රහද කියල.. අට වසරේදී අපි හොරෙන් බියර් බෝතල් අරං ෆිල්ම් හෝල් එකට රිංගල ෆිල්ම් බල බලා බොනව. මමයි රජා ෆිල්ම් එක බැලුවේ අන්න එහෙම ඉස්කෝලේ 89 ඉස්ට්‍රයික් කාලේ.. වැඩිය මේවා කියන්න බෑ අපේ ලොකු අක්ක දැන් නිතර මේ බ්ලොග් එක බලනවා.. :)))) කමෙන්ට් කරන්න ඕනි නිසාම මං 'ලොකු අක්කා' කියලම ප්‍රොෆයිල් එකක් හදලා දුන්නා..

      Delete
    2. ///උඹ හොඳයි මං ඉස්සෙල්ලාම සිගරට් එකක් බොනකොට මට වයස අවුරුදු අටයි.. ///

      ඇයි බම් ඒම...
      මම මුලින්ම බිව්වේ බ්‍රිස්ටල් දෙකක්...
      තාත්තාගෙන් හොරෙන් අරගෙන වැස්ස වෙලාවක් ගෙයි පිළිකන්නට ගිහින් බිව්වේ...
      4 වසරේදී, ඒ කියන්නේ අවුරුදු 9 යි...
      ඒ සිගරැට් දෙක අඩු වෙච්ච එකට අපේ ගෙදර හිටපු තාත්තගේ යාළුවෙක් බැනුම් ඇහුවා...
      තාත්ත මිනිහට බැන්නේ "ඇයි උඹට ඕක කියල ගන්න තිබුනනේ, හොරෙන් ගන්නේ නැතුව" කියලා...

      Delete
  15. දැන් මේක කියවන වුන් හිතයි මෙන්ඩ නියම නිර්භීත පොර අනික් එවුන් ගහගන්න බැරි එවුන් කියල. මගේ ගැන කියනවනම් අවුරුදු 17 දි විතර මමත් නුගේගොඩදි 15 දෙනෙකුට ගැහැව්ව. උනුයි මායි දෙගොල්ලොම කළුබෝවිල ඉස්පිරිතාලෙ.

    මාව විතරයි එදාම ඇඩ්මිට් කලේ. අනික් 15 ඉස්පිරිතාලෙට ආවේ සුමානෙකට පස්සෙ. ඒ මගේ තුවාල හොඳ වෙලානම් ආයි නෙලන්න.

    ReplyDelete
    Replies
    1. නැහැ බන් ගැන්සිය ඉද්දි චන්ඩියා වගේ ගහගත්තට තලාව බස්ස්ටන්ඩ් එකේදී මට බස් එකෙන් බස්සලා ගැහව්වා ඇඩෙන්න...බස් එකේ හිටපු කෙල්ලෝ ටික බැහැලා මාව බේර ගත්තේ නැත්නම් මම තවම ගුටි කනවා

      Delete
    2. ඉයන්: ඒ කියන්නේ ඉයන් ඒ දවස්වල ඉඳන්ම ගුටිකන වැඩමයි කරන්නේ?

      Delete
    3. එක එක්කෙනා මේව ගැන බලන කෝණය වෙනස්. මම මේ සිද්ධිය ගැන දැන් කියන්නෙ "මම නිසා 15 දෙනෙක්ට කළුබෝවිල යන්න වුණා" කියලා විතරයි.

      Delete
    4. ඒක එල කතාව ඉයන් ...
      මම එක පාර පස් දෙනෙක් මැරෙන්න ගැහව්වා කියලා මිනිහෙක් හංදියේ කෑ ගගහා හිටියලු පොලිසියෙන් අරගෙන ගිහින් ගහනකොට පොර වැද වැද කියලු මැරුණේ.....මැස්සෝ කියලා

      Delete
  16. “අඩෝ මෙන්ඩ“……….. කිරියා මගේ කොලරෙකෙන් අල්ලා ගත්තා//
    අපි දෙන්නම හයිලයිට් එකේ උඩට නැග්ගා, ගැන්සිය්ම එතන, මම ඉස්සර වෙන එක හොදයි...මම බකලා ලගට ගිහින් උගේ අත් දෙකෙන් අල්ල ගත්තා.///
    “බකලා සොරි මචෝ ...මට සමාවෙයන් උබ කරන්න හැදුවේ මම අකමැතිම දෙයක්. “//
    “හරි හරි ඒක අල්ලා දාපන්“
    වස්සා කිව්වනම් ඉතින් තීන්දුයි නිවාරණයි. ආය එකෙක්වත් කට අරින්නේ නැහැ. වෙච්ච දේවල් වල හැටියට ඔයින් ගියා ඇති අතක් පයක් නොකැඩි බෙල්ල කැඩිලා බේරුනා ඇති කිව්වලු//

    ReplyDelete
  17. පට්ට හොඳේ ඊලඟ කොටසත් ඉක්මනට දාපං ! එලම තමයි බ්‍රා :)

    ReplyDelete
  18. හොඳයි මෙන්ඩා, උඹ හරිම තාත්වික විදියට ලියනවා. උඹේ වචනවලින් කිව්වොත් එල ද බ්‍රාම තමයි. ඉතුරු හරියත් ඉක්මනටම දාපං.

    ReplyDelete
    Replies
    1. අන්න එතැනදී ලොකු ප්‍රසනය්ක් ඇති වේ ගෙන එන්නේ ඊයේ සඳු මේ කොටස් දෙකම බැලුවා ඊයේ ඉදලා අඩනවා මමත් එක්ක කතා නැහැ ...පොඩි මෙන්ඩ ට කිව්වලු ආච්චාලගේ ගෙදර යමු කියලා....ඊලග කොටස ලියන එක නවත්තන්න වෙයි කියලා

      Delete
    2. මෙන්ඩ ගෘහස්ථ ප්‍රචන්ඩත්වයට අහුවෙලා වගෙයි. හැලපෙ අයියේ වහාම උපදෙස් දෙනු.

      Delete
    3. මෙන්ඩා සහ ප්‍රසා,
      මේ නම් පැහැදිළිවම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයයි. එසේ නොමැතිනම් අදින් දසක දෙකකට හෝ තුනකට පෙර සිදුවූ අහිංසක පාසැල් ප්‍රේමයක් ගැන ලිවීම නිසා හඬා දොඩා ගෙදර යන්නට තර්ජනය කරන්නේ නැත. කෙටියෙන්ම දියහැකි උපදේශය මෙයයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ඉතිරි කොටස් ලිවීම නවත්වනු. ලියන දේවල් හැම එකම පවුලට කියවන්නට දීමේ පුරුද්ද නවත්වනු. වැඩිදුර උපදෙස් පසුව බලාපොරොත්තු වෙනු.

      Delete
    4. මෙන්ඩා උඹ තනි නැහැ.ඔය කියන ප්‍රචන්ඩත්වයේ මමත් එක ගොදුරක් බං.දැන් මම මොනා හරි ෆේස් බුක් එකේ දාන්නෙත් හරි පරිස්සමට.

      Delete
    5. වැඩිදුර උපදෙස් පසුව බලාපොරොත්තු වෙමි

      Delete
    6. ///මෙන්ඩා උඹ තනි නැහැ.ඔය කියන ප්‍රචන්ඩත්වයේ මමත් එක ගොදුරක් බං.දැන් මම මොනා හරි ෆේස් බුක් එකේ දාන්නෙත් හරි පරිස්සමට.///

      මටත් මගේ බ්ලොග් එකේ ඔය වගේ වැදගත් දේවල් දාන්න වෙන්නේ පරිස්සමට...
      මොකද ගෙදර උන්දෑ බ්ලොග් එක බලනවා...
      හැබැයි බුකියේ නම් මට එවපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක මම ඇපෘ කලේ නැහැ, දවස් කීපයක් ඔරෝගෙන හිටියත් මම එතන නිදහස් ජීවියෙක් වශයෙන් ඉන්නවා... ;)

      Delete
    7. මාත් උඹල වගේම ජීවියෙක් තමයි. ෆේස් බුක් එක අත ඇරල ඉන්නෙ,

      Delete
  19. මුලින්ම අගට ගිහින් කාගෙද කියල බැලුවා.. දැන් කතාව කියවන්න පටන් ගන්න ඕනී..

    ReplyDelete
    Replies
    1. මනෝ තමයි මනෝ...

      ඉස්කෝලෙ කාලෙ අපි කොච්චර නම් අහිංසක ළදරුවන්ද කියල හිතෙනවා අප්පා මේව කියවද්දි...

      Delete
    2. ඒක තමයි තරු අක්කා මට මේ කතාව කියවද්දී අනේ අපොයි කියවුනා....
      ඒ කාලේ කොයි තරම් පටු ලෝකයකද හිටියේ. නමුත් පසු කාලෙක මේ දරුවන් බිලි වෙන මත්පැන් සිගරට් වගේ ව්‍යසන දැක්කා.

      Delete
  20. ලංකාවෙ හැම පාසලක්ම මිස්‍ර පාසල් කරන්ඩ ඕනෙ ... එකෙන්ම ....

    ReplyDelete
    Replies
    1. අර උඩ පොටෝ එකේ ඉන්නේ මම

      Delete
    2. මුද්දට මෙන්ඩ ගැන ඉරිසියා හිතිල

      Delete
  21. කළුතර ටවුමට බැහැපු කාලේ මාත් එක්ක මලෙන් හිටපු එකෙක් තව දන්නේ නැති එකෙක්ට ගේම අදිනවා. අර මලෙන් හිටපු එකාගේ කොලර් එකෙන් අල්ලලා අරූට යන්න ඇරිය. මාසෙකට පස්සේ මාව ඉස්කෝලෙන් අයින් කරලා මතුගම සෙන්ට් මේරිස් එකට දැම්ම. ගිහින් දවස් දෙකක් යන්න කලින් අර බේරලා යවපු පොර ඉන්නවා බස් ස්ටෑන්ඩ් එකේ ගැන්සියක. එදා ඉඳන් කොල්ල සෙලිබ්‍රෙටි. අනික් එවුන් දිහා ඇහැ කොනින් විතරයි බලන්නේ. කළුතර ටවුමෙදි විතරයි වචන දෙකක් හරි කතා කරන්නේ.

    මෙන්ඩා උඹේ කතාව ටවුමට බැහැපු එවුන්ට නම් ආයේ බොක්ක කුණු වෙන්න වදිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක එල ද බ්‍රා කතාව ..
      කතාව පටන් ගන්න හදපු කාලේ ඉදලා උබ මගේ පස්සෙන් ඉදලා මාව එලෙව්වා මේක ලියන්න ..
      මගේ එල ද බ්‍රා එක

      Delete
  22. හිරේ ගිය කතාව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. බකලා ඇමති ඒකනයකට දේශපාලනය කරා..පළාත් සබා මැතිවරනයකදී මූ මිනිහෙකුට වෙඩි තියලා මැරුණා..ඌ ඒකට හිරේ ගියා.
      බකලා කියන්නේ අනුරාදපුරේ හිටපු අතිරේක දිසාපතිගේ පුතා..
      තැන්ක්ස් මචෝ උබ මගේ ලිපියේ අන්තිම කොටසටත් අවදානය දීපු එක

      Delete
  23. මචං.....

    මං කලාතුරකින් බ්ලොග් එකකට ගොඩවදින කෙනෙක්..... මාරම විදියට හිත ගියා මේ ලියල තියන විදියට.... ආයෙ ඉස්කෝලෙ ගියා වගේ හැඟීමක් ආවෙ.......

    පොදුවෙ ගත්තාම අපි බහුතරයකට තියනව පාසල් ජීවිතේදි මුණගැහුනු හිත් කකියවන ආදර කතාවක් හෝ දෙකක්.....

    මියෙන තුරාවට අමතක වෙන්නෙ නැති







    අනිත් කාරණාව උඹ කමෙන්ට් වල කියල තියන මේ ගෘහස්තව පැනනැගුන ගැටළුව.....
    ඒකටත් පොඩි කතාවක් කියන්නම්.....

    පාසල් කාලෙදි හෝ ජීවිතේ මොනයම්ම කාල පරාසෙකදි....මනුස්සයෙක් වියෝගයෙන් හට ගන්න දුක විඳල තියෙන්න ඕන කියල හිතනව මං.....අනිවාර්යෙන්ම....
    එතකොට තමයි ඒ පුද්ගලය සංවේදි පුද්ගලයෙක් වෙන්නෙ..ඕනෑම දේකදි....

    දුක, වියෝගය කියන පීඩාවන්ගෙන් හොඳින් තැලුනු හිතකට තමයි ඕනෑම ප්‍රශ්නෙකදි, තවත් මනුස්සයෙකුගෙ දුකකදි සංවේදි වෙන්න පුළුවන්...නම්‍යශීලීව බලන්න පුළුවන්..මේක මගෙ පෞද්ගලික අදහසක්

    ඉතින් සතුටු වෙන්න ඕනෙ උඹ ඒ වගේ සංවේදි හිතක් සහිත පුද්ගලයෙක් වීම ගැන නිවැසියන්..

    ReplyDelete
    Replies
    1. සඳු ගැන වරදක් හිතන්න එපා ...එයා මගේ ආදරේදී බොහම සම්පරදායික බිරිදක් එයා කැමති මම හවසට රසකැවිල්ලක් අරගෙන ගෙදර එනකන් ගේට්ටුව ලගට වෙලා බලාගෙන ඉන්න..අපේ ගෙදර රණ්ඩු වෙන්නේ අම්මටයි පුතාටයි මගේ ආදරේ බෙදාගන්න බැරුව..

      Delete
  24. කොහොමද යකෝ මේ වගේ පණ පිහිටවල ලියන්නෙ..

    ReplyDelete
    Replies
    1. සමහර වචන අමතක උනාට ඊයේ උනා වගේ අදටත් ඒ වෙචච දේවල් මතකයි මචෝ ..

      Delete
  25. එදා උන දේ මෙදාත් වෙනවා ..මේ කතාව නොහිතපු විදිහට ඉවර කරන්න වෙනවා...
    ඒ ගැන සමවෙයල්ලා..
    තව එක කොටසක් ලියලා මේක ඉවර කරනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ කැමැත්තක්...,... නමුත් මේ ඔප දාල ලිවීමේ හැකියාවයි, කතාවේ සංවේදීකමයි එක්ක ලියවෙන කතාව සම්පූර්ණම කරල පල කලේ නැත්නම් අපරාදයක් මම හිතන්නේ

      Delete
  26. අඩේ මට කතාව මිස්වෙලානේ මෙන්ඩෝ ඔක්කෝම බලලා කොමෙන්ටුවක් කොටන්නම්.

    ReplyDelete
    Replies
    1. උබට දැන්නෙන දේ කෙමෙන්ටුවක් ලෙස බලාපොරොත්තු වෙමි

      Delete
  27. මෙන්ඩ "ගොළු හදවත" වගේද මේ කතාව.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ..කතාවේ ඉතුරු ටික දාන්නම්.

      Delete
  28. කවුද දන්නේ මෙන්ඩත් ලියනවා ලියලා...
    ආවෙි යාන්හැල්ලෙන් ඔින්....
    මරැ කතාව ඉතිරියත් දන්න...

    ReplyDelete
  29. මිස් වෙලානෙ දෙයියො කතාව

    ReplyDelete
  30. කතාව සහ කමෙන්ට් ඔක්කොමයි කියෙව්වා. දැන් ඉතුරු කොටස ලියන්න වෙන්නෙ නැද්ද එතකොට?

    ReplyDelete
  31. අම්මටහුඩු ලොක්ක මෙන්ඩ සහ කල්‍යාණ..!! යාන් හෑල්ල කියෙව්වහම මේක හම්බුනේ. මෙන්ඩ උබ සිරා පොරක් ඩෝ 👍🏽👍🏽👍🏽.

    මට මුලින්ම සෙට් උනේ අංක 2. එක කියවල දැන් වැඩක් නැහැ. ෆුල් මාවලස් 😂😂

    ඉඩ තියෙන විදිහට 3ත් ලියපං.

    ජය වේවා.

    ප.ලි.

    පොඩි කුණුහබ්බ ටික අපරාදේ කියන්න බැහැ 🤣🤣🤣

    ReplyDelete